Friday, December 13, 2013

බස් කතාවක්

මේ මතුගම කොළඹ සුපෝඛභෝගී බසයක (එහෙමමත් නෙමෙයි ඉතින්) පෙරවරු 10.45 ට විතර වෙච්ච සිදුවීමක්.

අවුරුදු 16ක 17ක විතර පිරිමි ළමයි දෙන්නෙක් නැග්ගා කටුකුරුන්ද හරියෙන්, අපි ඔවුන්ව 1කොල්ලා සහ 2කොල්ලා ලෙස හඳුන්වමු. ඔන්න සීට් තිබ්බෙත් නෑ හිටගෙන ඩබලම මට කෙලින්.

නිමිත්ත: කොල්ලා1 "ඒ මචන් තරහ වෙලාද දන්නෑ " කියමින් සිය ඡංගම දුරබණුවෙන් ගැහැනු ළමයෙක්ට යැයි සැක කල හැකි අයෙක්ට ඇමතුමක් ගනී.

1කොල්ලා:  පැටියෝ.. ඔයා කෑවද?

2කොල්ලා:  මචන් ඉස්කෝලෙ කියපන්! ඉස්කෝලෙ කියපන්.. (හස්ත මුද්‍රා භාවිතයෙන්)

 ගැහැනු ළමයාගේ පිළිතුර සුබදායක නොවන්නක් බව මට හැඟීයයී.

1කොල්ල:  අනේ ඔයා දන්නෑනේ අද ඉස්කෝලෙ එන්න උනා පැටියො.. මුන්ට මම නැතිව මුකුත් කරගන්න බෑනේ.. ෆෝන් එක අරන් ආවෙ ඔයට කතා කරන්න ..මේ ඉන්ටවල් එකේදීයි පොඩ්ඩක් ෆ්‍රී උනේ...

කොන්දොස්තර: (හෙන හයියෙන්) කළුතර බෝධි සම්මාදම් තියෙනව නම්ඉස්සරහට එවන්න... බෝධි සම්මාදම් තියෙනව නම් ඉස්සරහට එවන්න...

1කොල්ලා: කට් කරා බං.. කොන්දා වැඩේ කෑව.